නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 130 ක් වටිනා රත්‍රං තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂා කිරීම් වලදී ඔහුගේ ඇදුමෙහි සගවා තිබූ රත්‍රං කිලෝ ග්‍රෑම් 20 ක තොගයක් හමුවූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
අද අලූයම මොහු චෙන්නායි නුවර සිට පැමිණි අවස්ථාවේදී සිවිල් ඇදුමෙන් සිටි නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේදී මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
