රත්‍රංවල ආනයනික බද්ද පහත දැමීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.
එහි සභාපති පේශල ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊට අදාළව මේ දිනවලදී සාකච්ඡා පැවැත්වෙන බවයි.
ඒ අනුව දැනට සියයට 15ක්ව පවතින රත්‍රං ආනයනික බද්ද සියයට 7.5ක් දක්වා පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද සභාපතිවරයා කියා සිටියා.