Gossips

රත්රන් සහ ආයුධ සොයා ආරක්ෂක අංශ පුදුකුඩුඉරිප්පු හාරයි (ඡායාරූප)

අවසන් යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පුදුකුඩුඉරිප්පු, වලෙන්චර්මඩම ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරක් මත පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් ඊයේ (31) දිනයේදී එම ප්‍රදේශයේ කැනීම් සිදුකර තිබෙනවා.
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගන් නියෝග මත මෙම කැනීම් සිදුකර ඇති අතර පැය තුනක පමණ කාලයක් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් ආරක්ෂක අංශ සිදුකළ මෙම කැනීම් වලදී කිසිඳු භාණ්ඩයක් හෝ උපකරණයක් සොයාගැනීමට හැකියාව ලැබී නැහැ.
මීට පෙරද අවස්ථා ගණනාවකදී කිලිනොච්චිය ප්‍ර‍දේශයේ හා මුලතිව් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සැඟවූ රත්රන් පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළ ද කිසිවක් සොයාගැනීමට හැකියාවක් නොලැබුණු බව සඳහන්.
මෙම කැනීම් වෙනුවෙන් පුදුකුඩිඉරිප්පු පොලිස් නිළධාරීන් සහ පුදුකුඩිඉරිප්පු යුධ හමුදා නිළධාරීන් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය