Gossips

රත්රන් කිලෝ 24ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 17 ක් පමණ වටිනාකමකින් යුත් රන් කිලෝග්‍රෑම් 24 ක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු තලෙයිමන්නාරම මුහුදු තීරයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු දිනේෂ් බණ්ඩාර කියා සිටියේ ග්‍රෑම් 100ක් බරැති රන් බිස්කට් 242 ක් ඊයේ (11) පස්වරුවේ මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති බවයි.
ඩිංගි බෝට්ටුවක ආධාරයෙන් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් මොවුන් අද (12) යාපනය රේගු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට පියවර ගන්නා බව ද නාවික හමුදාව ප්‍රකාශ කළා.