රත්මලාන – කටුකුරුදුවත්ත ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු සහ ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් 09 දෙනෙකු පොලීසිය ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරියන් 34, 52, 24, 32, 38, 23, 28, 22 සහ 24 යන වයස් සීමාවල පසුවන්නියන්.
ඔවුන් කන්තලේ, කතරගම, අනුරාධපුරය, පාදුක්ක, මාරවිල සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එමෙන්ම, රාජගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (21) වටලා එහි කළමනාකාරිය සහ ගණිකා සේවයේ නිරතව සිටි කාන්තාවන් තුන්දෙනෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් 30, 23, 35, සහ 43 යන වයස්වල පසුවන බලංගොඩ, හැටන් සහ පිටිගල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව සඳහන්.
