Gossips

රත්මලානේ ගින්න පැය 6 කට වැඩියි

රත්මලාන – බොරුපන පාරේ පිහිටි පෞද්ගලික ඇඟලුම් ආයතනයකට අයත් ගබඩාවක අද (12) පස්වරුවේ හට ගත් ගින්න මැඩපැවැත්විම සඳහා පොලිසිය, අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ යුධ හමුදාව දැඩි පරිශ්‍රමයක නිරත වුණා.
පස්වරු 1 ට පමණ හට ගත් මෙම ගින්න පැය 06 කට ආසන්න කාලයක් පුරා පැවැති අතර, ගින්නෙන් එම ඇඟලුම් ගබඩාවට විශාල හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ගින්න පාලනය කිරිම සඳහා දෙහිවල ගල්කිස්ස ,මොරටුව ,කොළඹ නගර සභා ගිනි නිවීම් ඒකක වල ගිනි නිවිමේ රථ 10 ක් යොදවනු ලැබූ බව හිරු වාර්තාකරු සඳහන් කළා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඉන් කිසිදු ජිවිත හානියක් සිදුවී නැහැ.