Gossips

රත්මලානේ අංජුගේ ගෝලයෙකු අල්ලයි

පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජුගේ අනුගාමිකයෙකු මහරගම – වෙදමාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදියි.
32 හැවිරිදි මොහු පිළියන්දල – දැල්තර ප්‍රදේශයේ පදිංචි කහවේ විදානලාගේ දොන් ප්‍රදීප් පුෂ්පකුමාර නොහොත් බෙනා ලෙස හඳුනාගෙන තිබෙනවා.
මොහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනාවක්ද පවතින අතර, රත්මලානේ අංජුගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ සහ මුදල් ගණුදෙනු කිරීමේ කටයුතුවල ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට හෙළිවී ඇති බවයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සඳහන් කළේ.