Gossips

රත්නාවලී කැකුණවෙල සමුගෙන යයි

මුවන් පැලැස්සේ මැණිකේ ලෙස සියල්ලන්ගේ හදවතේ අමරණීය වූ ඒ සුවිශේෂ හඬ රත්නාවලී කැකුණවෙල සියල්ලන් හඬවමින් පසුගියදා දිවියෙන් සමුගෙන ගියා.
රසික හදවත් ආදරණීය හඬින් ආමන්ත්‍රණය කළ ඇයගේ අවසන් කටයුතු සියල්ලන් හඬවමින් අද (09) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.
කලක් රෝගාතුරව සිටි රත්නාවලී කැකුණවෙල මහත්මිය පසුගියදා කිරිබත්ගොඩ පිහිටි නිවසේදී මියයන විට 88 වන වියේ පසු වූවා.
1931 ජනවාරි 20 වෙනිදා මහනුවරදී උපතලද රත්නාවලී කැකුණවෙල වඩාත් ජනප්‍රිය වූයේ මුවන් පැලැස්සේ මැණිකේ ලෙසයි.
වසර 52 ක් මුවන්පැලැස්සට සම්බන්ධ වෙමින් ගුවන් විදුලි ශ්‍රාවක හදවත් තුළ නොමැකෙන චරිතයක් බවට පත්වූවා.
ඇයගේ වැඩිමල් සොහොයුරා වූ වික්ටර් මිගෙල් එම නාට්‍යයේ කදිරා, වෙඩික්කාරයා කියන චරිත රඟපෑමෙන් නාට්‍ය ශිල්පියෙක් ලෙස ජනප්‍රිය වූවා.
සිය කලා ජීවිතයේ කුසලතා වෙනුවෙන් ඇය ජනාධිපති, සරසවි, සිග්නීස් වැනි සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවා.
සත් සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය, මුවන්පැලැස්ස චිත්‍රපට තුනෙහිම මැණිකේ ලෙසින් නිර්මාණ රංගනයෙන් හැඩකළා.
දියමන්ති ,කරුමක්කාරයෝ ,ආරාධනා ,දඩයම ,බට්ටි ඇතුළු සිනමා නිර්මාණවලට එක්වූ ඇයගේ රංගනය රසික සිත් ආකර්ෂණය කිරීමට සමත්වූවා.
ඇයගේ අවසන් කටයුතු සිදුවූ ආකාරය පහතින්.