Gossips

රත්නපුුරයේ වෙඩි තැබීමකින් අයෙකුට තුවාල

රත්නපුර – රද්දැල්ල මාර්ගයේ රථවාහන සේවා සපයන මධ්‍යස්ථානයක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රත්නපුරට රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ ගල්ගමුව – කරන්ගොඩ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.
වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව රත්නපුර පොලීසිය සඳහන් කළා.