රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔවුන් ඊයේ (21) රත්නපුර පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුවයි.
පසුගිය බදාදා පස්වරුවේ සිදුවූ මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.
ත්‍රිරෝද 3 කින් පැමිණි 15 කට ආසන්න පිරිසක් මෙලෙස පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබුණේ අදාළ ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
මොහු ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මත්පැන් අලෙවියට එරෙහිව කටයුතු කළ අයෙකු වන අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ නීතිවිරෝධී මත්පැන් අලෙවියේ යෙදුණු පිරිසක් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණා.
