දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයකට අද පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවු තද වැසි ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පලාත්වල මෙන්ම පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලද විටින් විට තරමක වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
