Gossips

රත්නපුරයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරයි

රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙකුට පහරදී ඔහුගේ රන් මාලය කොල්ලකා ඇති අතර, පසුව තවත් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බවද පොලීසිය ප්‍රකාශ කළා.