රත්නපුර – අයගම – ගවරගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මවට පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 80 හැවිරිදි කාන්තාවක්.
සිය නිවසේ රැඳී සිටි අවස්ථාවේදී ඊයේ 40 හැවිරිදි පුුත්‍රයා මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්.
පසුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අයගම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට පිටත්කර යවා තිබෙනවා.
එහිදී හෙලිවී ඇත්තේ එම ස්ථානයට පිටත්ව ගිය පොලිස් නිලධාරීයාගේ මව මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ සොහොයුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.