Gossips

රත්නපුරදී වැඩිමහල් සොහොයුරා විසින් බාල සොයුරා ඝාතනය කරයි

රත්නපුර මල්ලව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී ඇතිබවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැකපලකරන්නේ.
මියගිය පුද්ගලයා නිතරම බීමතින් පැමිණ සිය පියාට හිරිහැර කිරන බවටයි ප්‍රදේශවාසින් පවසන්නේ.
ඊයේ (07) සවස මෙම නිවසේ අරවුලක් සිදුව ඇති අතර එහිදී මියගිය පුද්ගලයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා අතර බහින්බස්වීමක් ඇතිව තිබෙනවා.
පසුව වැඩිමහල් සොයුරා විසින් සිය බාල සොයුරා මෙලෙස ඝාතනය කරන්නට ඇති බවටයි සැකපලකරන්නේ.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් රත්නපුර පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.