Gossips

රත්නපුරට සහ කෑගල්ලට නායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීමක්

ඇදහැලෙන වැසි හේතුවෙන් රත්නපුරය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කිරිඇල්ල, ඇහැලියගොඩ, අයගම, කුරුවිට, රත්නපුර, කොළොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහි ඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මෙය බලපැවැත්වෙන බවයි එම සංවිධානය නිවේදනය කළේ.
මේ අතර කොත්මලේ වෙදමුල්ල – මුරුක්කුරම්බොඩ ප්‍රදේශයේදී අකුණු සැර වැදීමකින් නිවසක සිටි පුද්ගලයන් හතරදෙනෙකු තුවාල ලබා අද පස්වරුවේ රෝහල් ගතකර තිබෙනවා.