Gossips

රත්ගම සිද්ධියේ CIDය මග හැරි පොලිසියේ පස්දෙනාට විදෙස් ගමන් තහනම්

රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනාට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඒ මෙම නඩුවගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.
මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කළ බවට පැවසෙන අක්මීමන ප්‍රදේශයේ නිවසේ තිබී හමුවූ ලේ සාම්පල ඇතුළු නඩු භාණ්ඩ 7 ක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
එමෙන්ම, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්තගේ ජංගම දුරකථනය ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීම ලෙසට ද නියම කර තිබෙනවා.
ඔහු සහ එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක මාර්තු මස 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.