Gossips

රත්ගම සිද්ධියට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අද CID හමුවට

ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට දකුණු පළාත් විශේෂ විමර්ශණ ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු වූ කපිල නිශාන්ත ද සිල්වා අත්අඩංගුවට ගෙන මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ කටයුතු කරනු ලැබුවේ.
එමෙන්ම මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදන් වීමේ සිද්ධියත් සමඟ මාරු කර යැවුණු එම ඒකකය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා.
රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් අතුරුදහන් වී තිබුණේ පසුගිය මස 23 වනදායි.
මෙම අතුරුදන් වීම සිදුවී අදට දින 27ක් ගතවන නමුත් මෙතෙක් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නැහැ.
මීට පෙර එක් ව්‍යාපාරිකයෙකුගේ බිරිදකට නිර්නාමික ලිපියක් ලැබුණු අතර එහි සඳහන් වූයේ පොලිස් පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගිය අතර එම සිද්ධිය වසන් කිරීමට අනෙක් පුද්ගලයාද ඝාතනය කර ඇති බවටයි.rn