Gossips

රත්ගම සිද්ධියට තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් 6 දෙනෙකු සහ බීට්ටු වන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.