Gossips

රත්ගම සිද්ධියට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක දින දෙකක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් එම ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
සිද්ධියත් සමඟ එම ඒකකය භාරව සිටි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන ද පොලිස් මූලස්ථානයට මාරු කිරීමටයි පියවර ගැණුනේ.
රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් අතුරුදහන් වී තිබුණේ පසුගිය මස 23 වනදායි.