Gossips

රත්ගම සැකකරුවෙකුට ස්ථාන මාරුවක්

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් රෝහණ, අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා.
ඒ, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙලගේ නියෝගයකට අනුවයි.
සැකකරු මාතර බන්ධනාගාරයේ රඳවා සිටි අතර, ඔහුගේ නීතිඥවරුන් මෝසම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ බන්ධනාගාරය තුළදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අතර ගැටුම් හට ගෙන ඇති බැවින් ඔහු රඳවා සිටින ස්ථානය මාරු කරන ලෙසටයි.
අදාළ තරුණයන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයා, පොලිස නිලධාරින් 5 දෙනෙකු සහ වන සංරක්ෂණ නිලධාරියෙකු ඇතුළු 7 දෙනෙකු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
පසුගියදා අදාළ විශේෂ විමර්ශන ඒකකයේ ආයුධ සෙප්පුව ද අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරින් රැගෙන ගොස් තිබුණා.