Gossips

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනයේ සැකකරුවන් 17 දෙනා යළි රිමාන්ඞ්

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් 15 දෙනා ඇතුළු 17 දෙනා මේ මස 22 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව අද ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ කැදවූ අවස්ථාවේදියි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සහ අඩවි වන නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.