Gossips

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට සම්බන්ධ 17ක් යළි රක්ෂිත බන්ධනාගාරයට

රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අතුළු 17 දෙනෙකු ලබන 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔවුන් අද (27) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.