පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ජංගම දුරකථන දෙක දික්වැල්ල ප්‍රදේශයේ ජලාශයක තිබී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු සහ අඩවි වන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ව්‍යාපාරිකයින් දෙදෙනා පිළිස්සීම සඳහා ආධාර අනුබල දුන් අඩවි වන නිලධාරියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලද තොරතුරුවලට අනුවයි මෙම ජංගම දුරකථන දෙක අද සොයාගෙන ඇත්තේ.
