ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
මාතර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත ඊයේ සිට මෙම මාරුවීම් ලබාදී ඇති බවයි.
