Gossips

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයට පොලීසියේ තවත් 3 ක් රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් 6 දෙනෙකු සහ බීට්ටු වන නිලධාරියෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන සිටිනවා.
මේ අතර, ඝාතනයට ලක් වු රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් පරිත්‍යාගයක් සිදුකළා.