Gossips

රත්ගම නිදහස් පක්ෂ සංවිධායක ඉල්ලා අස්වෙයි

ගාල්ල – රත්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව දකුණු පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවගේ පවසනවා.
ඒ සම්බන්ධයෙන් වූ ලිපිය පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක වෙත ඊයේ දිනයේදී තමන් යොමුකළ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.
පසුගිය 2017 වසරේ පෙබරවාරි මාසයේදී රත්ගම නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී ද සිල්වා පසුව එම ධුරයෙන් ඉවත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව රත්ගම ආසන සංවිධායක ධුරයට අමරසිරි කුරුවගේ පත් කෙරුණා.