Gossips

රත්ගම දී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වන විරාජ් මධුශංක ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් එම ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙකු වූ කපිල නිශාන්ත ද සිල්වා මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
සිද්ධියත් සමඟ එම ඒකකය භාරව සිටි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන ද පොලිස් මූලස්ථානයට මාරු කර යැවුණා.
රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් අතුරුදහන් වී තිබුණේ පසුගිය මස 23 වනදායි.