Gossips

රතන හිමි බොරුවක් හෙළි කරයි

රටේ ඒකපුද්ගල ආදායම ඉහළ ගොස් ඇති බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ කාන්තා සමූපකාර සමිතියේ 30 වන සංවත්සර උත්සවයට කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී අද එක්වෙමින්.
‘‘අපේ පාලකයෝ සංවර්ධනය නමින් කරලා තියෙන්නේ අපේ මුළු රටම ණයකාර රටක් බවට පත් කිරීමයි. අවුරුදු 5 කටයි බලයට එන්නෙ. එගොල්ලො හිතන්නේ ණය ගන්න පුළුවන් වීම මහා හපන් කමක් කියලා. මම ජපානයට ගියා, ජපානයේ අගමැති තුමා මට අතට අත දුන්නා. පස්සෙන් ඇවිල්ලා මෙන්න මගේ පාත්තරේට මෙච්චර ණය හම්බවුණා කියලා, මෙහෙ ඇවිල්ලා උඩ දාලා උජාරුවෙන් කියනවා. ඊට පස්සෙ අපිට ඇවිත් කියනවා බැංකුවේ සල්ලි පිරුණා දැන් හරි ෂෝක් ඒක පුද්ගල ආදායම උඩ ගියා කියලා. මේව පට්ටපල් බොරු. මොකක්ද මේ බොරුව, රට සියයට 70 ක් ණය කරලා නම් ඒ රටේ ඉරණම මොකක්ද ? මහබැංකුව භාර දුන්නා පල්හොරෙකුට. කවුද මේ පල් හොරා පත් කළේ. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයෙක්. මේ රටේ මිනිහෙක් නෙවෙයි. කවුද කැබිනට් එක විරුද්ධ වෙද්දී, අනිත් අය ප්‍රශ්න කරද්දී, ඊට පස්සෙ ආපහු ප්‍රශ්න ආවට පස්සෙ අයින් කරන්න එපා කියලා තර්ජනය කරලා මෙයා තියාගන්න කවුද මහන්සි ගත්තෙ. ජාතික පිං කැටේ පණ මෙන් ආරක්ෂා කරන මිනිහෙක් අපි මහ බැංකුවේ අධිපති කරන්න ඕනි. අපිට එහෙම මිනිස්සු ඉන්නවා. ප්‍රශ්නෙ තියෙන්නේ අපි වැරදි මිනිස්සුන්ට රට භාරදීලා අපි හිඟන්නො වගේ බලාගෙන ඉන්නවා. අන්න ඒ යුගය අවසාන කරන්න සූදානම් බව රටට අපි කියන්න ඕනා.’’