Gossips

රතන හිමිගේ මහ සභාවේ ආරම්භයට, වසන්ත සේනානායකත් එක්වෙයි

ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් එකඟතාවකට පැමිණෙන්නේ නම්, වසර 3කින් රට ගොඩනැගීමට හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
උන්වහන්සේ කැදවූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ පළමු සමුළුව අද (02) රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේදී පැවැත්වුණා.
රට ගොඩනගන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අරමුණින් මෙම සමුළුව කැදවා තිබූ අතර, ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක ද එක්ව සිටියා.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අතර සාකච්ඡාවක් ද පැවති බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එහිදී ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ තිරසර ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය ද අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා.