රණවිරුවාගේ සහ ත්‍රස්තවාදියාගේ වෙනස හදුනා ගැනීමට ආණ්ඩුවේ ඇතමුන්ට මෙන්ම විපක්ෂයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල ඇතමුන්ට ද නොහැකිවී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ බත්තරමුල්ල – පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස අද (19) පැවති ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමින්.
එහිදී ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට තමන් කිසිවිටෙකත් ඉඩ නොතබන බවයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික රණවිරු සැමරුම් උත්සවයට කතානායකවරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුලූ ආරාධිතයන් මෙන්ම රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්ව සිටියා.
ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියෙන් පසු ජාතික ගීය ගායනා කෙරුණු අතර, අනතුරුවයි උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ වුණේ.
රට වෙනුවෙන් දිවි පිදූ විරුවන්ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළකිරීමෙන් අනතුරුව සර්ව ආගමික පූජකවරුන් ආශිර්වාද සිදුකළා.
අනතුරුව සාම්ප්‍රදායික බෙර යොදා ගනිමින් යුද හමුදා තූර්ය වාදක ඛන්ඩය, සිදුකළ රණබෙර වාදනයෙන් පසු ජනාධිපතිවරයා ප්රමුඛ ආරාධිතයන් සහ මියගිය රණවිරුවන්ගේ ඥාතීන් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර පුද කළා.
මේ අතර, යුද, නාවික සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 50 දෙනෙකුට අද ජනාධිපතිවරයා විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් පිරිනැමුවා.