ජීවිත පරදුවට තබා රට ආරක්ෂා කළ යුද විරුවන් සැමරීමට රජය කටයුතු නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පනාගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.
පහනක් දල්වා මියගිය රණවිරුවන් සැමරීමට සියලූදෙනා කටයුතු කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියා.
