වත්මන් ආණ්ඩුව පලවා හැරීමට මුළු රටම එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා. 
ඒ ගම්පහ – උඩුගම්පොලදී දිවංගත හිටපු අමාත්‍ය රෙජී රණතුංගගේ 10 වන ගුණ සමරු වැඩසටහනට එක්වෙමින්. 
ඒ සදහා ඔහුගේ සොහොයුරෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග ද එක්ව සිටියා. 
එසේම, ඊයේ රාත්‍රියේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ නිවසේ පැවති සර්ව රාත්‍රික පිරිත් දේශනයට ද අමාත්‍ය අර්ජුන රණතුංග එක්ව සිටීම විශේෂත්වයක්.



