Gossips

රට හැර යන වෛද්‍යවරුන් රදවා ගැනීමට පියවර ගත යුතු බව අගමැති කියයි

70 වන ලෝක සෞඛ්‍ය දින සැමරුම් උළලේ ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නෙලූම් පොකුණ රගහලේදී අද (07) පැවැත්වුණා.
උත්සවයට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ රට හැර යන දේශීය වෛද්‍යවරුන් රදවා ගැනීමට කටයුතු කළ යුතු බවයි.
‘‘ අපට අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල මුදලක් වෙන්කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ණය ආපසු ගෙවීම් කියන බරපතල ගැටලුව කළමනාකරණය කරන ගමන්. වාසනාවකට අපි ග්‍රීසිය නොවෙයි. අපේ ණය අර්බුදය තවදුරටත් අඩුවෙනවා නම් අපට තවත් පුළුවන් මේ ක්ෂේත්‍ර වෙනුවෙන් මුදල් වැඩි කරන්න. අපිට හොඳ කළමණාකරණයක් තුළින් ඉදිරි වසර දෙක තුළදී තවත් මුදල් වැඩි කරගන්න පුලුවන්. එහෙම වුනොත් අපේ මුදලට විශාල වටිනාකමක් ලැබෙනවා. අපට පුළුවන් හොද කළමණාකරනයක් තුළින් අදාළ ඉලක්ක වෙත පිවිසෙන්න. අපි අනික් මුහුණ දෙන විශාලම ප්‍රශ්නය තමයි මේ රටේ වෛද්‍යවරුන් වෙනත් රටවල සේවයට යාම. මම හිතන්නේ ඔවුන් විදෙස් ගතවෙන්න ඕන. පළපුරුද්ද ලබාගන්න ඕන. නමුත් යලිත් මේ රටට එන්න ඕන එන්නැති එක තමයි ප්‍රශ්නය. වෛද්‍යවරුන් මේ රටේ තබාගැනීම සඳහා අප ඔවුන් උනන්දු කරවන්න ඕන. ’’