Gossips

රට හමුවේ තුන් බියක් – විපක්ෂ නායක මහින්ද පහදයි

රට තුන් බියකට ගොදුරු වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
සිව් වසරක අවපාලනය සහ මතු පරපුරට රටක් අහිමි වීමේ අවදානම යන මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ එමඟින් රට මුදා ගැනීමට හැකියාව ඇත්තේ, තම නායකත්වය යටතේ විපක්ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බවයි.
ආර්ථිකය කුමන මොහොතක හෝ දරුණු බිඳ වැටීමකට ලක්වීමේ අවදානම ඉන් පළමුවැන්න බවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මුළු පාලන තන්ත්‍රයම බිඳ වැටීම ඉන් දෙවැන්න බවත්, රට බෙදීමට යෝජනා කර ඇති නව ව්‍යවස්ථාව තුන්වැන්න බවත් එහිදී විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් දක්වා තිබෙනවා.
මෙම තුන් බියෙන් රට ගලවා ගැනීමට හැකියාව ඇත්තේ අභියෝග ජයගෙන ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල පෙන්වා දී ඇති සිය නායකත්වය යටතේ ඇති විපක්ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බවද එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා.