Gossips

රට සිහින පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

රැකියා සඳහා කැනඩාවට යවන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ නවගමුව ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී ඊයේ (17) ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී ග්‍රෑම් 350ක් බරැති රන් ආභරණ තොගයක්, පාස්පෝට් 72ක්, බැංකු පොත් 50ක් සහ ඒ.ටී.එම්. කාඩ් පත් 50ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මහා පරිමාණෙන් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි 51ක් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.