Gossips

රට සංවර්ධනය කිරීමේ සැලැස්ම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටයි – අගමැති

කර්මාන්ත, සංචාරක කලාප සහ දියුණු මාර්ග පද්ධතියක් ඇති කරමින් රට සංවර්ධනය කිරීමේ සැලැස්ම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ මීගමුවේ පැවති ජන රැලියක් අමතමින්.
‍‍පළාත් පාලන ඡන්ද විමසීමට තරග වදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේ ජන රැලි මාලාවේ තවත් රැලියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මීගමුව ලෙයින්ටන් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
– අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
– දවස් දෙකකට ඉස්සෙල්ලා තරුණයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා වයිෆයි නොමිලේ දෙනවාද නැද්ද කියලා. 2017 ආරම්භ කරන්න බලාපොරොත්තු වුණේ. ඒත් ගංවතුර නිසා කල් ගියා. අපි තීරණය කළා 12 වැනි අවුරුද්දේ 13 අවුද්දේ සිසු සිසුවියන්ට නොමිලේ ටැබ්ස් දෙන්න. පළමු අදියර හැටියට මේ ස්ථානවල අප්‍රේල් මාසේ නොමිලේ වයි ෆයි ආරම්භ කරනවා. මේ අවුරුද්ද අවසන් වීමට පෙර ඉතුරු ප්‍ර දේශවලටත් නොමිලේ වයිෆයි දෙන්න අපි තිරණය කළා. මේ අවුරුදු කාලය තුළදී රැකියා ලක්ෂ 4 ක් බිහි කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ විශාල ණයක් තිබුණා. වැඩියෙන්ම ණය ගෙවන්න තියෙන්නේ 2018 – 2019 ඉන් පස්සේ. හුස්ම ගන්න පුළුවන්. ඒත් ඒකෙන් විතරක් මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. අපි 2020 වෙනකොට මහනුවර ඉදන් හම්බන්තොටට පැය 4 කින් යන්න පුළුවන් හම්බන්තොට වරායක් තිබුණා. නැව් නැති වරායක්. දැන් මොකද වෙලා තියෙන්නේ වරායවල් දෙක ගුවන්තොටුපළ දෙක අතර තමයි විශාල දියුණුවක් කරන්නේ. මහනුවර වෙළඳ කලාපයක් වයඹ වෙළෙඳ කලාප දෙකක් ඉරණවිල සංචාරක කලාපයක්, කළුතර කර්මාන්ත කලාපයක්, ගාල්ලේ සංචාරක කලාපයක්, මාතර හම්බන්තොට කර්මාන්ත කලාප ඒ අතරින් තමයි විශාල මහා නගරයක් හැටියට කොළඹ දියුණු කරන්නේ. ඒ වැඩසටහන කරන්න ගමේ ආණ්ඩුව අපිට ඕන.