Gossips

රට වෙනුවෙන් ගත් තීරණය නිවැරදි බව මන්ත්‍රී පියසේන කියයි

රට වෙනුවෙන් ආණ්ඩුවට සහයදීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ පවසනවා.
ගාල්ල – මාපලගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
‘‘ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වීම සම්බන්ධයෙන් ගත් තීරණය නිවැරදි බව ජනතාව කිව්වා. වෙච්ච දේවල් එක්ක ගත්ත තීරණය හරි කියලයි මම හිතන්නේ. මම මේ තීරණය ගත්තේ රට වෙනුවෙන්.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ට නිසි පණිවුඩයක් ලබාදී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසන්නේ. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
‘‘සාමාන්‍යයෙන් විපක්ෂයවත්, වෙනත් අයවත්, රටේ අයවත් කියනවාට වැඩිය ඒ අයව වැරදි කරපු බව කියන්නෙ රජයම තමයි. අපි දකිනවා ඒකෙ ඉන්න ඇමතිවරුන් කියනවා අපෙන් වැරදි වුණා. අපි නිවැරදි කර ගන්න ඕනා. එහෙනම් වැරදි කරපු හින්දනේ නිවැරදි කර ගන්න ඕනා. අපි බලමු මේ 2019 ලබන වර්ෂය තුළ මේ රජය කොහොමද නිවැරදි මාවතට යන්නෙ කියලා. මේක හරියට අර පරණ අරක්කුම තමයි. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ එකම අරක්කු දාලා ලේබලය පොඞ්ඩක් එහාට මෙහාට මාරු කරලා තියෙනවා. ඉතින් මොගොල්ලො හිතන් ඉන්නවා වික්‍රමසිංහ මහත්තයා වෙනස් වෙනවා කියලා. වික්‍රමසිංහ මහත්තයා වෙනස් වෙන්නෙ කොහොමද සිරිකොතේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිව රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන් ද ?
දැන් අපි දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේයි ඇමතිවරුන් කිහිපදෙනෙක් ගියා දත කට මැදගෙන හොද ඇදුම් ඇදගෙන අලූත් සූට් මහලා. ගියා. ගිහිල්ලා බලාපොරොත්තු වුණා අනේ අපිට ඇමතිකම් හම්බවෙයි කියලා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට ලොකු ගෞරවයක් පුද කරනවා. මොකද හේතුව. මේ එහාට මෙහාට පනින අයට නියම පණිවුඩයක් ලබාදීලා තියෙනවා. මේ අයගෙන් ඇහුවාම මොකද කියන්නෙ රට වෙනුවෙන්. අනේ දකුණ වෙනුවෙන් නෙවෙයි වෙල්ලස්ස වෙනුවෙන් නෙවෙයි. නෝන වෙනුවෙන්. දරුවො වෙනුවෙන්. පවුල වෙනුවෙන්. ඒකට ගිය අය මේ. මොගොල්ලන්ට ඇමතිකමක් නැතිව ඉන්න බැහැ. මම දැක්ක සමහරු කියනවා එක්කො වැට කපන්න ඕනා එක්කො අම්මුඬේ කපන්න ඕනා කියලා. දැන් අම්මුඩෙත් නැහැ වැටත් නැහැ. එක්කො අම්මුඩෙත් එක්කම වැට ගලවගෙන යන්න වෙලා තියෙන්නේ. මේ ජනාධිපති මහින්ද රාජපක්ෂට පිංසිද්ධ වෙන්න ආපු මන්ත්‍රීකම් මේ. ෆවුසි මහත්තයා ජාතික ලැයිස්තුවෙන් දැම්මෙ. ඒ පැත්තට ගිහිල්ලා ගොරව ගොරව ඉන්නවා ඇමතිකමක් නැහැ කියලා. අර තව උන්නැහෙ කෙනෙක් ඉන්නෙ ගාල්ල උන්නැහෙ. අර ගීතා නෝනාගෙන් හොරකම් කර ගත්ත මන්ත්‍රීකම. ’’