Gossips

රට වනසන සංශෝධන 20ට ඇතුළත් කිරීමට ඉඩ ලබානොදෙන බව ජවිපෙ කියයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට කාරක සභා අවස්ථාවන්වලදී රට වනසන ආකාරයේ සංශෝධන ඇතුළත් කිරීමට ඉඩ ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.