Gossips

රට වටේ ගිහින් වීදුරු කටු ගිල්ල පුද්ගලයා දඹුල්ලේදී නොසිතූ සිදුවීමකට මුහුණ දෙයි (ඡායාරූප)

දඹුල්ල නගරයේ සංදර්ශනාත්මකව සහ භයානක අයුරින් විදුරු කටු කැබලි ගිලිමින් මුදල් එක්රැස් කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අද (12) රැගෙනවිත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනයකර තිබෙනවා.
දඹුල්ල මුලික රෝහලේ දී සිදුකළ මෙම සැත්කමේදී අදාල පුද්ගලයාගේ උදරයේ තිබී ගිලින ලද වීදුරු කැබලි විශාල ප්‍රමාණයක් ඉවත ගැනීමට හැකිවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
31 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස සැත්කමට භාජනය කර ඇති අතර මෙම පුද්ගලයා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් වීදුරු කැබලි ගිලමින් සංදර්ශන පවත්වා ඇති බව සඳහන්.
වෛද්‍යවරුන් පවසන්නේ මීට පෙර ඔහුගේ උදරය අවස්ථා හයකදී සැත්කම්වලට ලක්කර ඇති බවයි.


ඡායාරූප – දඹුල්ල, අශෝක එරමිනිගම්මන