Gossips

රට වටේ ඉන්න තරුණයින් විවාහ කරගෙන, අමුතුම සෙල්ලමක් දැමූ පොලිසියෙන් හොයන කාන්තාව මෙන්න

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා තරුණයන් විවාහ කර ගනිමින් වංචනික ලේඛන සකසා ඔවුන්ගෙන් මුදල් වංචා කළ කාන්තාවක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ අම්බලන්තොට පොලිසියට ලැබුනු පැමිණිල්ලකට අනුවයි.
අදාළ කාන්තාව විවාහ කරගත් තරුණයෙකු විසිනුයි ඊයේ පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ.
මීට වසරකට පමණ පෙර තමන් සමග විවාහ වු කාන්තාව මේ වන විට තමාගේ මුදල් රැගෙන සැගවී සිටින බවයි.
ඇය දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි මෙම තරුණයා හෙළිකර ඇත්තේ.
එමෙන්ම තමන් සමග විවාහ වීමට පෙර මෙම කාන්තාව වෙනත් අයෙකු සමග විවාහ වී දරුවන් දෙදෙනෙකු ද සිටින බවට පසුව හෙළිවු බව ඔහු පැමිණිලි කර තිබෙනවා.
ඉතාලියේ සිටින වෙනත් පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධතාවක් පවත්වන සැකකාරිය ව්‍යාජ ලේඛණ සහ හැඳුනුම්පත් සකස් කරමින් තරුණයන් ඉතාලි යවන බව පවසා ඔවුන්ගේ මුදල් වංචනිකව ලබාගෙන රහසිගතව ඉතාලියට පිටත්ව යාමේ සුදානමක් බවතින බවටයි මෙම තරුණයා පොලිසියට ප්‍රකාශකර ඇත්තේ.
නම් දෙකකින් පෙනී සිටිමින් සැකකාරිය විවාහ සිදුකරගෙන ඇති අතර ඊට ඇයගේ දෙමව්පියන් ද සහය දක්වන බවට තොරතුරු ලැබී ඇතැයි අප වාර්තාකරු කියාසිටියා.


ඡායාරූප – අම්බලන්තොට රාහුල් සමන්ත