Gossips

රට වටේම විභාග මධ්‍යස්ථානවලට හදිසියේම එන දුම

දිවයින පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් විභාග පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් හි ඩෙංගු මර්දන ධූමායනය සිදුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ලබන මස 6 වන දා සිට සැප්තැම්බර් 1 වන දා දක්වා උසස් පෙළ විභාගයත්, ලබන මස 5 වන දා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයත් පැවැත්වීමට නියමිතයි.
උසස් පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 2268කදී සහ ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 3050ක පැවැත්වෙනවා.
මේ හේතුවෙන් එම මධ්‍යස්ථාන ධූමායනය කරන ලෙසට ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් හා විදුහල්පතිරුන්ගෙන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ඉල්ලීමක් කර තිබෙනවා.