නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් පුද්ගලයින් 54 දෙනෙකු ඕස්ට්‍රේලියාවට රැගෙන යාමේ කටයුතු සංවිධාන කළ පුද්ගලයින් 3 දෙනෙකුට වසර බැගින් සිර දඩුවම් නියම වී තිබෙනවා.
2012 වසරේ සැප්තැම්බර් 6 වන දා මෙලෙස පුද්ගලයින් 54 දෙනෙකු ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට සංවිධාන කර තිබියදී නාවික හමුදාව මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව එය සංවිධාන කළ පුද්ගලයින් තුන්දෙනාට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩුවක් ගොනු කළ අතර, ඒ අනුවයි ඊයේ මෙම පුද්ගලයන් තුන්දෙනාට වසර බැගින් සිර දඩුවම් නියම වූයේ.
