Gossips

රට යන ශ්‍රමිකයන්ට විශේෂ නිළ ඇඳුමක් නැහැ – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා විශේෂ නිළ ඇඳුමක් හඳුන්වාදී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ එලෙස නිළ ඇඳුමකින් සැරසී මෙරට ගෘහ සේවිකාවන් විදෙස් රැකියා සඳහා පිටත්ව යන බවට වාර්තා පළ කර තිබුණා.
කෙසේ වෙතත්, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් කිසිදු නිල ඇඳුමක් හඳුන්වාදී නොමැති බවත්, රටේ හා තමාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ඇඳුමකින් පිටත්ව යන ලෙසයි දැනුම්දී ඇත්තේ.
මේ අතර, නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රමිකයින් හට ලංකාවට පැමිණීම සඳහා සැප්තැම්බර් මස පළවැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදීමට ද විදෙස් සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.