Gossips

රට යන්න ගිය පුද්ගලයාගේ ගමන් මල්ලෙන් එක්වරම මතුවූ සුරූපී යුවතිය

රට යන්න ගිය පුද්ගලයාගේ ගමන් මල්ලෙන් එක්වරම මතුවූ සුරූපී යුවතිය "
දේශසීමාවක් අසලදී ගමන් මල්ලකින් මතුවූ අමුතුම දෙයක් වෙත මේ වෙනකොට ලෝකෙම කතාවෙනවා.
මෙහෙම ගමන් මල්ලකින් මතුවෙන්නේ සුරූපී කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
අදාළ සිදුවීම වාර්තා වෙන්නේ තුර්කි දේශ සීමාව අසලින්.
ජෝර්ජියාවේ සිට තුර්කියට දේශසීමාව හරහා ගමන්කළ පුද්ගලයෙකු පිළිබඳව සැකසිතී බලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී ගමන් මල්ල තුල සැඟව සිටි කාන්තාව සොයාගෙන තිබෙනවා.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් ද මේ වෙනකොට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.
මීට පෙර අවස්ථා ගණනාවකදී මෙලෙස විවිධ ස්ථානවල සැඟව ගොඩබිම් දේශසීමා හරහා රටින් රටට ගමන්කිරීමට උත්සාහ කළ අවස්ථා පිළිබඳව අප වාර්තා කර තිබෙනවා.
ඒ අතර වඩාත් ජනප්‍රිය එහෙත් දැඩි ජීවිත අවධානමක් ගන්නා අවස්ථාවක් වන්නේ මෝටර් රථවල ඉදිරිපස dashboard තුළ සැඟව ගමන් කිරීමයි.
පසුව මෑතකදී මෝටර් රථවල ආසනවල ඇතුල් පස අමුද්‍රව්‍ය ඉවත්කරදමා එතුළ මේ අයුරින් සැඟව දේශසීමා හරහා ගමන්කිරීමට ගත් උත්සාහයක් පිළිබඳව වාර්තා වුනා.
එම සියලු වාර්තා අලුත් කරමින් තුර්කියට ගමන් මල්ලේ සැඟව යන්නගිය තරුණිය ඉන් පිටතට ගත් මෙහෙයුමේ වීඩියෝව පහතින්.
rnrn