Gossips

රට ම කතාවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට හදිසි කැදවීමක්

රට ම කතාවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට හදිසි කැදවීමක්"
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ බ්‍රිගේඩියර්ට හදිසි කැදවීමක්
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හදිසියේ මෙරටට කැඳවා තිබෙනවා.
ඒ අනුව ඔහු අද (21) දිනයේ පැමිණීමට නියමිත බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේ.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධයෙන් පසුගියදා කතා බහක් ඇති වූයේ නිදහස් දිනයදා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට ගෙළ පෙන්වා සංඥාවක් කිරීමේ සිද්ධිය හේතුවෙන්.
අනතුරුව, ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ බව විදේශ අමාත්‍යාංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලත් පසුව ජනාධිපතිවරයාගේ නියෝගය මත ඔහු යලි එම රාජකාරිවල පිහිටුවනු ලැබුවා.
කෙසේ වෙතත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ ආරක්ෂාව, තානාපති සේවයේ ප්‍රතිරූපය පිළිබඳ සලකා බලමින් ඔහුව මෙරටට කැදවීමට තීරණය කළ බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඔහු මෙරටට පැමිණෙන්නේ පරීක්ෂණයකට නොවන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.