පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව නොදෙන ලෙස වන පෙත්සමට අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ පවා අත්සන් කර තිබීමෙන් පෙනී යන්නේ තවදුරටත් මෙරට පාලනය හොබවන්නේ රාජ්‍ය නොවන සංවිධානවලින් බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ භික්ෂූන් වහන්සේ මේ බව සඳහන් කළා.
