රට තුළ පාතාලය රජ කරවන තත්ත්වයක් උද්ගත වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඊයේ (27) බලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකා අමරපුර මූලවංශ මහා නිකායේ අනුනායකධුරයෙන් පිදුම් ලැබු වැලිසර සුගත ශාසනෝදය පරිවේණාධිපති පුජ්‍ය අහුන්ගල්ලේ විමලධම්මතිස්ස නාහිමියන්හට සන්නස් පත්‍රය ප්‍රධානය කිරීමේ උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ බලපිටිය අම්ඹරුක්කාරාම විහාරයේදී පැවත්වුණා.
