Politics Sri Lanka

රට තුළ දින 10කට හදිසි නීතිය

රට තුළ දින 10කට හදිසි නීතිය

දින 10කට බලපැවැත්වෙන පරිදි රට තුළ හදිසි නිතිය පැනවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

අදාල ගැසට් නිවේදනය අද (06) නිකුත් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කරයි.

තෙල්දෙනිය හා අම්පාර සිද්ධි පදනම් කර ගනිමින් කලකෝලාහල තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අතර රට තුළ ජාතිවාදය ඇතිවන ආකාරයෙන් වෙබ් අඩවි ඔස්සේ ගෙන යන වැරදි ප්‍රකාශයන් සම්බන්ධයෙන් පියවර ගැනීමටද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.