Gossips

රට තම ජීවිත අපේක්ෂාව බව පුටින් කියයි

ජනාධිපති ව්ලැදිමිර් පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස අද සිව් වන වරටත් දිවුරුම් දුන්නා.
වසර 18ක් මුළුල්ලේ රුසියානු නායකයා වූ ඔහු ඒ අනුව තවත් වසර 6ක් ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇති.
ඓතිහාසික දිවුරුම් දීමේ උත්සවයට මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේදී එක්වෙමින් ජනපති පුටින් ප්‍රකාශ කළේ රුසියාවේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටු කිරීම තම රාජකාරිය මෙන්ම ජීවිත අපේක්ෂාව ලෙස සලකන බවයි.