Gossips

රට ගොඩනැගීමට සුදුසු දක්ෂයින් රජයේ නැහැ – හිටපු ආරක්ෂක ලේකම්

යළි ගොඩ ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති රට යළි ගොඩනැගීම සදහා සුදුසු දක්ෂයින් වත්මන් ආණ්ඩුවේ නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ගාල්ල කනංකේ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.
ගාල්ලේ – කනංකේ දිවෙලගොඩ පුරාණ රාජමහා විහාරස්ථානයේ සංඝාවාසය විවෘත කිරීම අද පස්වරුවේ සිදු කෙරුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.